වසරේ ගත වූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ජාත්‍යන්තර වශයෙන් අතිප්‍රමාණ වී හෙවත් අගය ඉහළ නැංවී ඇති අන්දම පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කොට තිබේ.එහි සඳහන් අන්දමට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 19 යි දශම 8කින් අතිප්‍රමාණ වී තිබේ.එමෙන්ම වසරේ ගත වූ කාලය තුල තුළ ශ්‍රී ලංකා රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 26 යි දශම 4 කින්, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 17කින් අතිප්‍රමාණ වී ඇති අතර යුරෝවලට සාපේක්ෂව සියයට 18 යි දශම 9 කින් සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 19 දශම 7 කින් රුපියල අතිප්‍රමාණ වී ඇති බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් ය.