සම්බුදු තෙමගුල සිහි කෙරෙන වෙසක් පොහෝ දිනය අදට යෙදෙන අතර රුවන්වැලි මහා සෑය වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් පැමිණි අතර දැඩි වර්ෂාපතනයක් පතිත වුවත් එයද නොතකා බැතිමතුන් ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණ සිටි ආකාරයක් අද අලුයම සිට දකින්නට ලැබෙයි.
ජය ශ්රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහාද විශාල බැතිමතුන් පිරිසක් පැමිණි අතර වර්ෂාපතනයද නොතකා බැතිමතුන් ශ්රී මහා බෝධිය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද අලුයම සිට පැමිණෙන ආකාරයක් දකින්නට තිබේ.