රුසියානු ජනාධිපති පුටින් ගේ ලොකුම ප්‍රතිවාදියා බන්ධනාගාරයක් තුළ මිය යයි. මිය ගියා ද, ඝාතනය කළා ද ?

 

47 වැනි වියෙහි පසු වූ නවාල්නි ජනාධිපති පුටින් ගේ පාලනයට එරෙහිව එරට තුළ කටයුතු කරන දේශපාලන ක්‍රියාකාරිකයන් අතරින් වැඩිම ප්‍රසිද්ධියක් දිනා සිටි කෙනා ය. පුටින් පාලනය ඒකාධිපති සහ දූෂිත පාලනයක් ලෙස හඳුන්වමින් ඔහු පසුගිය කාලයේ විශාල පුටින්-විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගුවේය. පුටින් සහ ඔහුට සමීප පාර්ශ්ව මහා පරිමාණ වංචා දුෂණවල නිරත වන බවට චෝදනා එල්ල කරමින් ඒ සම්බන්ධයෙන් විමර්ශණ කිරීම සඳහා වෙනම ඒකකයක් පවා පිහිටුවූයේය.

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ට රුසියාව තුල සිටින ලොකුම දේශපාලනික ප්‍රතිවාදියා සහ විවේචකයා ලෙස සැලකෙන ඇලෙක්සි නවාල්නි ඔහු රඳවා සිටි බන්ධනාගාරය තුළ දී හදිසියේම මිය යාම මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ. මෙහි වගකීම පුටින් මත පැටවීමට බොහෝ පාර්ශ්ව කටයුතු කරමින් සිටින ආකාරය ද දැක ගත හැකි වේ.

47 වැනි වියෙහි පසු වූ නවාල්නි ජනාධිපති පුටින් ගේ පාලනයට එරෙහිව එරට තුළ කටයුතු කරන දේශපාලන ක්‍රියාකාරිකයන් අතරින් වැඩිම ප්‍රසිද්ධියක් දිනා සිටි කෙනා ය. පුටින් පාලනය ඒකාධිපති සහ දූෂිත පාලනයක් ලෙස හඳුන්වමින් ඔහු පසුගිය කාලයේ විශාල පුටින්-විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගුවේය. පුටින් සහ ඔහුට සමීප පාර්ශ්ව මහා පරිමාණ වංචා දුෂණවල නිරත වන බවට චෝදනා එල්ල කරමින් ඒ සම්බන්ධයෙන් විමර්ශණ කිරීම සඳහා වෙනම ඒකකයක් පවා පිහිටුවූයේය. එම ඒකකය හැඳින්වුණේ ‘දූෂණ විරෝධී පදනම’ යන නමිනි. වංචා දූෂණ සම්බන්ධයෙන් මෙම ඒකකය විසින් කරන ලද විමර්ශණවල වාර්තා ද වරින් වර ප්‍රකාශයට පත් වූ අතර ඒවා ලොව පුරා විශාල අවධානයක් දිනා ගන්නට සමත් විය.

සමහර අවස්ථාවල ඔහු රජයේ සමාගම්වල කොටස් මිල දී ගෙන කොටස්කරුවකු ලෙස ඒවා ඇතුළට රිංගා ගත්තේය. එහි අරමුණ වූයේ මෙම සමාගම් තුළ පැවැති බව කී දූෂණ වංචා පිලිබඳ තොරතුරු රැස් කිරීම යි. මේ ආකාරයෙන් නවාල්නි රුසියාවේ විශාල තෙල් සමාගම් තුළට රිංගාගෙන සොයා ගන්නා ලද තොරතුරු සිය බ්ලොග් අඩවි හරහා ප්‍රසිද්ධියට පත් කළේය.

බන්ධනාගාර ගත කර සිටින නවාල්නි ගේ හදිසි මරණය බොහෝ පාර්ශ්ව තුළ කම්පනයක් සහ තිගැස්මක් ඇති කිරීමට සමත්ව තිබේ. මෙම මරණය පිලිබඳ වගකීම පුටින් මත සහ රුසියානු පාලනය මත පැටවීමට බටහිර නායකයන් සහ මාධ්‍ය පෙරට විත් සිටින ආකාරයක් ද දැකිය හැකිය. නවාල්නි ගේ මරණය සිදු වූයේ රුසියානු ජනාධිපතිවරණය ආසන්නව තිබිය දී වීම නිසා එය වඩාත් කතාබහට ලක්වන කාරණයක් බවට පත්ව ඇති අතර මෙය පුටින්ට එරෙහිව භාවිත කිරීමට ඔහුගේ විරුද්ධවාදීන් විශාල උත්සාහයක් දරමින් සිටිනු පෙනේ.

එමෙන්ම නවාල්නි රුසියාවේ පුටින්ගේ පාලනය ඒකාධිපතිවාදයක් ලෙස හඳුන්වමින් එරට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නැගූවකු ලෙස ද සැලකේ. ඔහු සහ ඔහුගේ සංවිධාන විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණ සහ විරෝධතා කලක් රුසියාව තුළ සුළභ දසුනක් බවට පත්ව තිබිණි.

පුටින්ට සහ ඔහුගේ පාලනයට එරෙහිව නවල්නි ගෙන ගිය ව්‍යාපාර නිසා රුසියානු විරෝධී බටහිර කඳවුර තුළ සහ එහි මාධ්‍ය තුළ ඔහු විශාල වීරයකු ලෙස සැලකිණි. රුසියාව තුළ ද ඔහුට යම් අනුගාමිකයන් පිරිසක් සිටි බව අමතක කළ හැකි නොවේ.

රුසියානු බලධාරීන් නවාල්නි හැඳින්වූයේ රුසියාව අස්ථාවර කිරීම සඳහා ඇමරිකාව විසින් යොදා ගනු ලබන රූකඩයක් ලෙසිනි. ඔහුට ඇමරිකානු සී. අයි.ඒ සංවිධානයේ සහය ලැබෙන බවටත් රුසියානු බලධාරීහු චෝදනා කළහ. මේ කාරණා කෙසේ වෙතත් නවාල්නි රුසියානු පාලනයට යම් හිසරදයක් බවට පත්ව තිබූ බවක් පසුගිය කාලයේ ඔුහ සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරයෙන් පෙනෙන්නට තිබිණි.

දැන් ටික කාලයක සිට බන්ධනාගාර ගත කර සිටින නවාල්නි ගේ හදිසි මරණය බොහෝ පාර්ශ්ව තුළ කම්පනයක් සහ තිගැස්මක් ඇති කිරීමට සමත්ව තිබේ. මෙම මරණය පිලිබඳ වගකීම පුටින් මත සහ රුසියානු පාලනය මත පැටවීමට බටහිර නායකයන් සහ මාධ්‍ය පෙරට විත් සිටින ආකාරයක් ද දැකිය හැකිය. නවාල්නි ගේ මරණය සිදු වූයේ රුසියානු ජනාධිපතිවරණය ආසන්නව තිබිය දී වීම නිසා එය වඩාත් කතාබහට ලක්වන කාරණයක් බවට පත්ව ඇති අතර මෙය පුටින්ට එරෙහිව භාවිත කිරීමට ඔහුගේ විරුද්ධවාදීන් විශාල උත්සාහයක් දරමින් සිටිනු පෙනේ. ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ මාර්තු මාසයේ යි.

“මරණයට හේතුව පිළිබඳ වෝහාරික සාක්‍ෂි ඉදිරිපත් වීමටත් පෙරම බටහිර පාර්ශ්ව සියල්ල තීන්දු කර අවසන්’ යයි රුසියානු විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකාවක ඇයගේ සමාජ මාධ්‍ය පිටුවක සඳහන් කර තිබුණාය.

නවල්නි රඳවා සිටි බන්ධනාගාරයේ නිලධාරීන් පවසා තිබුණේ එදින ඔහු ව්‍යායාම සඳහා ඇවිදින්නට ගිය බවත්, එයින් පසු හදිසියේම රෝගී තත්ත්වයක් පෙන්නුම් කළ බවත් ය. ඒ සමගම ඔහු සිහි විසඥ තත්ත්වයට පත් වූ බවක් ද එම නිලධාරීන් පවසා තිබිණි. “ඒ මොහොතේම වෛද්‍ය කණ්ඩායමක් එහි පැමිණියා. ගිලන් රථයක් ද කැඳවනු ලැබුවා. නැවත ඔහුගේ සිහිය ගැනීම සඳහා ක්‍ෂණිකව පියවර ගනු ලැබූවත් එයින් ඵලක් වුණේ නැහැ” යයි බන්ධනාගාරය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

නවල්නි ඝාතනය කිරීම සඳහා අවස්ථා කිහිපයකම උත්සාහයන් දරණ ලද බවට සැක සංකා තිබේ. ඒ අතරින් වඩාත් ම ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් වූයේ 2020 වසරේ අගෝස්තු මාසයේ සිදු වූ සිද්ධියකි. මෙය සිදු වූ දින නවල්නි රුසියාවේ ටොම්ස්ක් නැමැති නරගයේ සිට මොස්කව් දක්වා ගුවන් මගින් ගමන් කරමින් සිටියදී ගුවන් යානය තුළ දී හදිසියේම දැඩි ලෙස රෝගාතුර විය. එහි දී යානය වහාම ගොඩ බැස්සවීමට කටයුතු කෙරිණි. ටික දිනක් රුසියාවේ රෝහලක ප්‍රතිකාර ලබා දීමෙන් පසු ඔහු ජර්මනියේ බර්ලින් නුවර රෝහලක් වෙත ගෙන යනු ලැබිණි. ජර්මනියේ දී කරන ලද වෛද්‍ය පරීක්‍ෂණවලින් පසු සඳහන් කෙරුණේ උග්‍ර විෂ වර්ගයක් ඔහුගේ ශරීරගතව ඇති බවකි. මෙම විෂ වර්ගය යුද්ධවලදී රසායනික අවි සඳහා යොදා ගන්නා විෂ වර්ගයක් බව ද පැවසිණි. මෙම පසුබිම තුළ බොහෝ පාර්ශ්ව චෝදනා එල්ල කරන්නට වූයේ රුසියානු රජයට යි. නමුත් රුසියානු රජය මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කළේය.

 

නවාල්නි මිය ගිය දිනට පෙර දින ඔහු ඉතා නිරෝගී ආකාරයෙන් සිනා මුසු මුහුණින් සිටින ආකාරය දැක්වෙන විඩියෝවක් ද මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබිණි. එසේ තිබිය දී ඔහු ඊට පසු දින හදිසියේම මරණයට පත් වූයේ කෙසේ ද යන්න සැක සහිත අබිරහසක් බව ඇතැම් පාර්ශ්ව පෙන්වා දී තිබිණි. නවල්නි රඳවා සිටි බන්ධනාගාරයේ නිලධාරීන් පවසා තිබුණේ එදින ඔහු ව්‍යායාම සඳහා ඇවිදින්නට ගිය බවත්, එයින් පසු හදිසියේම රෝගී තත්ත්වයක් පෙන්නුම් කළ බවත් ය. ඒ සමගම ඔහු සිහි විසඥ තත්ත්වයට පත් වූ බවක් ද එම නිලධාරීන් පවසා තිබිණි. “ඒ මොහොතේම වෛද්‍ය කණ්ඩායමක් එහි පැමිණියා. ගිලන් රථයක් ද කැඳවනු ලැබුවා. නැවත ඔහුගේ සිහිය ගැනීම සඳහා ක්‍ෂණිකව පියවර ගනු ලැබූවත් එයින් ඵලක් වුණේ නැහැ” යයි බන්ධනාගාරය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. නවල්නි රඳවා සිටියේ රුසියාවේ ශීත කාලයට අධික ශීතලෙන් යුතු ප්‍රදේශයක පිහිටි දුෂ්කර බන්ධනාගාරයක බව පැවසේ.

ඔහු බන්ධනාගාර ගත කර සිටියේ මූල්‍ය වංචා සහ අන්තවාදී ක්‍රියා වැනි චෝදනා යටතේ යි. නවල්නි මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කරමින් පුන පුනා පැවසුවේ ඒවා දේශපාලනික අරමුණු මත එල්ල කරන ලද ඒවා බව යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර