‘රුසියානු ප්‍රහාරයකට අපිත් සූදානම්!’යුක්රේන ජනපති

රුසියාව යුරෝපයේ දරුණු යුදමය තත්වයක් ඇතිකිරීම සැරසෙන අතර ඕනෑම අවස්ථාවක රුසියානු ප්‍රහාරයකට මුහුණ දීමට තම රට ද සූදානමින් පසුවන බව යුක්රේන ජනාධිපති වොලොදොමිර් සෙලෙන්ස්කි පවසයි.ඊයේ(23) රාත්‍රී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, රුසියානු ජනාධිපතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට තමන් කිහිප වරක් උත්සහ කළද ඔහු තමා මඟහරිමින් සිටින බවක් හැඟී යන්නේ යැයි ද කීය. මෙහි දී රුසියානු භාෂාවෙන් ද මාධ්‍ය වෙත අදහස් දැක්වූ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි රුසියානු ජනාධිපතිවරයා අරඅඳින යුද්ධයට විරුද්ධ වන ලෙස රුසියානුවන්ගෙන් ඉල්ලා සිටි අතර යුද්ධය ආරම්භ වුවහොත්, යුක්රේනය ආරක්ෂා කරගැනීමට තමාට හැකියාවක් ඇති බව ද කීය.

කාලීන පුවත්