රුසියානු – යුක්රේන යුද්ධය නිසා පීඩා විඳින්නේ මිනිසුන් පමණක් නොවේ. මේ අර්බුදයට මැදි වූ සතුන් ද මහත් අසරණ තත්ත්වයට පත්ව තිබේ. මේ ඛේදනීය ඉරණම පිළිබිඹු කෙරෙන හෘදයාංගම සිනමා නිර්මාණයක් මේ වසරේ තිරගත වන්නට නියමිතව තිබේ. War Through the Eyes of Animals නම් මේ සිනමා නිර්මාණය කෙටි චිත්‍රපට හතකින් සමන්විත වන අතර රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ලැබූ ආරම්භක වසරේ සිට සතුන් අත් විඳි අනේක වූ දුක් ගැහැට අප හමුවේ තබයි.
මෙහි එක් චිත්‍රපටයකින් සිය එළුවා රැක බලා ගන්නා මහලු කාන්තාවක ලෙස වෙස්වලා ගත් හමුදා ඔත්තුකාරියක පිළිබඳ කතාවක් ඇතුළත් වේ. ඇය රුසියානු හමුදා පිළිබඳ ඔත්තු බලමින් තොරතුරු රැස් කරනා අන්දම මේ චිත්‍රපටයෙන් නිරූපණය කෙරේ. ඇය සිය එළුවාට තණ කැවීම සඳහා දෙනියකට රැගෙන ගොස් රුසියානු හමුදාවේ ස්ථානගත වීම් ඉතා විචක්ෂණශීලිව නිරීක්ෂණය කරමින් තොරතුරු රැස් කරයි. මෙසේ රැස් කර ගන්නා තොරතුරු ඇය යුක්රේන හමුදාවේ සෙබළකු ලෙස සේවය කරන සිය මුනුබුරා අතට පත් කරයි. යුද්ධයක් අතරතුර මිනිසුන් සහ සතුන් අතර වූ සංකීර්ණ සබඳතාව මෙමගින් මැනවින් නිරූපණය කර තිබේ. මෙයින් ඉස්මතු කර දක්වන්නට උත්සාහ දරන්නේ සිය කැමැත්ත කුමක් වුව ද මිනිසුන්ගේ උපක්රමයන්ට සතුන් නතු වන ආකාරයයි.
සිනමාත්මක නිරූපණයන් හැරුණු විට යුද්ධයක් අතරතුර දී සතුන් අත්විඳින දුක් ගැහැට පිළිබඳ සැබෑ තොරතුරු ද අසීමාන්තිකය. යුක්රේනය යනු සත්ත්ව විශේෂ 7000 කටත් වඩා වෙසෙන ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළින් පවතින රටකි. රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර වූ ෂෙල් වෙඩි, බෝම්බ ප්‍රහාර සහ වාසස්ථාන අහිමි වූ සතුන් බොහෝය. නිදසුනක් ලෙස ටුස්ලි කලපු ජාතික වනෝද්‍යානය ගත හැකිය. එහි පක්ෂීන් විශේෂ ගණනාවකට වාසභූමි සපයන අතර යුද්ධය නිසා එයට සිදු වූ හානි බොහෝය. 2022 වසරේ දී එයට එල්ල වූ බෝම්බ ප්‍රහාර නිසා එයට සංක්‍රමණය වන ඩැල්මේෂන් පෙලිකන් පක්ෂීන්ගේ ප්‍රමාණයේ දැවැන්ත වෙනසක් පෙන්නුම් කෙරිණි. සාමාන්‍යයෙන් එයට 1500 ක පමණ පක්ෂි ගහනයක් සංක්‍රමණය වුව ද එය 300 දක්වා පහත වැටිණි. මත්ස්‍ය සංක්‍රමණය සඳහා අත්‍යවශ්‍ය ජල ප්‍රවාහ විනාශයට පත් වීම නිසා එය ආහාර දාමය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල විය. මේ නිසා කොකුන් 5000 ක පමණ ගහනයක් අසරණ තත්ත්වයට වූ අතර ප්‍රාදේශීය පරිසර පද්ධතියෙහි දැවැන්ත බිද වැටීමක් දකින්නට හැකි විය.
කලු මුහුදේ වූ සමුද්‍ර ජීවීන් ද බිහිසුණු ප්‍රතිඵලවලට මුහුණ දුනි. වාර්තා සඳහන් කරන අන්දමට හමුදාමය ක්‍රියාමාර්ග නිසා මරණයට පත් වූ ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ ප්‍රමාණය දහස් ගණනකි. මෙයට හේතු ගණනාවක්ම බලපෑ අතර ප්‍රධාන වශයෙන් ලෝහ විෂ වීම සහ පිපිරීම්වලින් ඇති වන දැඩි ශබ්දය බලපා තිබේ. එමෙන්ම හමුදාමය සෝනාර් යන්ත්‍ර (ධ්වනිය උපදවන යන්ත්‍ර) නිසා ගමන් මාර්ග සොයා ගත නොහැකිව අතරමං වූ ඩොල්ෆින් ගහනය ද අති විශාලය. මේ සාධක හේතුවෙන් මිය ගිය ඩොල්ෆින් මත්ස්‍යයින් දහස් ගණනකගේ සිරුරු යුක්රේනයේ, තුර්කියේ, රුමේනියාවේ සහ බල්ගේරියාවේ වෙරළ තීරවල ගොඩ ගැසී තිබිණි.
කලු මුහුදේ වූ සමුද්‍ර ජීවීන් ද බිහිසුණු ප්‍රතිඵලවලට මුහුණ දුනි. වාර්තා සඳහන් කරන අන්දමට හමුදාමය ක්‍රියාමාර්ග නිසා මරණයට පත් වූ ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ ප්‍රමාණය දහස් ගණනකි. මෙයට හේතු ගණනාවක්ම බලපෑ අතර ප්‍රධාන වශයෙන් ලෝහ විෂ වීම සහ පිපිරීම්වලින් ඇති වන දැඩි ශබ්දය බලපා තිබේ. එමෙන්ම හමුදාමය සෝනාර් යන්ත්‍ර (ධ්වනිය උපදවන යන්ත්‍ර) නිසා ගමන් මාර්ග සොයා ගත නොහැකිව අතරමං වූ ඩොල්ෆින් ගහනය ද අති විශාලය. මේ සාධක හේතුවෙන් මිය ගිය ඩොල්ෆින් මත්ස්‍යයින් දහස් ගණනකගේ සිරුරු යුක්රේනයේ, තුර්කියේ, රුමේනියාවේ සහ බල්ගේරියාවේ වෙරළ තීරවල ගොඩ ගැසී තිබිණි.
ගෘහාශ්‍රිත සතුන්ට ද මේ ව්‍යසනයෙන් ගැලවෙන්නට හැකියාවක් තිබුණේ නැත. යුද්ධය නිසා සුරතල් සතුන් සහ ගොවිපළ සතුන් ගණනාවක්ම අසරණ තත්ත්වයට පත් විය. මේ අර්බුදයට පෙර යුක්රේනය සතුව ගවයින් මිලියන 3.5ක්, ඌරන් මිලියන 5.7ක් සහ කුකුළන් මිලියන 212ක් පැවතිණි. රුසියානු හමුදා ආක්‍රමණය වේගවත් වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ සතුන් බොහොමයකගේ හිමිකරුවන් බලයෙන් පලවා හැරීම හෝ පලා යාම හෝ සිදු විය. 2022 වසරේ මුල් සමයේ වාර්තාවන්ට අනුව යුද්ධයට මැදි වූ ප්‍රදේශ තුළ සුනඛයින් සහ බළලුන් මිලියන 8ක් පමණ අසරණ තත්ත්වයට පත්ව තිබිණි.
ජාත්‍යන්තර සංවිධාන මේ තත්ත්වය පිළිබඳ සිය අවධානය යොමු කරන්නට පටන් ගත් අතර ‘සත්ත්ව සුබසාධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල’ (The International Fund for Animal Welfare – FAW) යුක්රේනයේ සිටි සිය හවුල්කරුවන් සමග එක් වී යුද්ධය නිසා අවතැන් වූ සතුන් ගලවා ගැනීම, වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සහ වාසස්ථාන ලබා දීම සඳහා කටයුතු කරන ලදී.
යුද්ධය නිසා ඇති වූ පරිසර හානිය යුක්රේනයේ වන ගහනය කෙරෙහි ද දැඩි බලපෑමක් එල්ල කළේය. වනාන්තර හෙක්ටාර 425,000 ක් මේ වන විට බිම් බෝම්බ සහ තවමත් පිපිරීමට ලක් නොවූ බෝම්බවලින් පිරී පවතී. වන නිලධාරීන් මේ සැඟවුණු බෝම්බවල අවදානමට ලක් ව සිටින අතර මේ වන විට 14 දෙනෙකු මරණයට පත් ව තිබේ. වන ජීවීන්ගේ වාසස්ථාන අහිමි වීම සහ වනාන්තර ගිනි නිසා කාබන් විමෝචනය දැඩි ලෙස ඉහළ යාම මගින් පරිසරය කෙරෙහි ඇති කළ බලපෑම ද අතිවිශාල ය. වනාන්තර නැවත තිබූ තත්ත්වයට පත් වන්නට දශක ගණනාවක්ම ගත විය හැකි අතර ඩොලර් බිලියන ගණනක් වැය කරන්නට ද සිදු වනු ඇත.
විශිෂ්ට ගලවා ගැනීමේ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස ප්ලොම්බීර් සහ මිරැන්ඩා ලෙස නම් කරන ලද බෙලූගා තල්මසුන් දෙදෙනෙක් යුද්ධයට මැදි වූ ඛාර්කිව් නගරයේ සිට ස්පාඤ්ඤයේ ඕසනෝග්රැෆික් ඩි වැලෙන්ෂියා කරා ප්‍රවාහනය කරනු ලැබිණි. මේ සංකීර්ණ, දැඩි අවදානම් සහගත මෙහෙයුම සඳහා දැවැන්ත සැලසුමක් අවශ්‍ය කෙරිණි. තල්මසුන් දෙදෙනා වැලෙන්ෂියා කරා ළඟා වන විට ඉතාමත් අසාධ්‍ය තත්ත්වයක පසු වූ අතර විශේෂඥ කණ්ඩායමක සැලකිලි මධ්‍යයේ ඔවුන්ගේ ජීවිත ගලවා ගැනීමට හැකියාව ලැබිණි.
“සතුන්ට දේශපාලනයක් නැත. නමුත් ඔවුන්ට යහපත සහ අයහපත පිළිබඳ වැටහීමක් තිබේ.” මේ ප්‍රකාශය මගින් සංවේදී හැඟීම් අප තුළ ඇති කරනවා පමණක් නොව සියලුම ජීවීන්ගේ අන්තර් සම්බන්ධතාව පිළිබිඹු කරන අතර කුරිරු යුද්ධයට මැදි වූ අසරණයන් ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳ හැඟීමක් ද මිනිසුන් තුළ ඇති කරවයි.
යුද්ධයක දී වැඩි වශයෙන් අවධානයට ලක් නොවන අසරණයන් පිළිබඳ හෘදයාංගමව දෑස් යොමු කිරීම සඳහා මිනිසුන්ට නැවත වතාවක් සිහිපත් කිරීමක් ලෙස War Through the Eyes of Animals සිනමා නිර්මාණය නම් කළ හැකිය. මේ අර්බුදය සතුන්ගේ කෝණයෙන් ඉදිරිපත් කිරීම තුළින් ඔවුන් මුහුණ දෙන දුක් වේදනා පිළිබඳ මිනිසුන් තුළ යම් අවබෝධයක් ඇති කරන්නට හේතු වී ඇති අතර මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදු වන පාරිසරික හානි දෙස පුළුල් විමසුමක් ද සිදු කරන්නට සමත්ව තිබේ. මෙහි නිෂ්පාදක ඕලේ කොක්හාන් උදක්ම ලබා දෙන පණිවිඩය මෙයයි.
“සතුන්ට දේශපාලනයක් නැත. නමුත් ඔවුන්ට යහපත සහ අයහපත පිළිබඳ වැටහීමක් තිබේ.”
මේ ප්‍රකාශය මගින් සංවේදී හැඟීම් අප තුළ ඇති කරනවා පමණක් නොව සියලුම ජීවීන්ගේ අන්තර් සම්බන්ධතාව පිළිබිඹු කරන අතර කුරිරු යුද්ධයට මැදි වූ අසරණයන් ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳ හැඟීමක් ද මිනිසුන් තුළ ඇති කරවයි.
නිරංජන් චාමින්ද කරුණාතිලක