ලංකාවට එන යුවාන් වැන්ග් 5නැව ගැන ඉන්දීය හෝදිසියට චීන විරෝධය

යුවාන් වැන්ග් 5 චීන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම වැඩිදුර උපදේශන ලබා ගන්නා තෙක් දින නියමයක් නොමැතිව කල් දමන්නැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයෙන් කළ ඉල්ලීමට චීන විදේශ කටයුතු අමාත්‍යංශය දැඩිව ප්‍රතිචාර දක්වා ඇතැයි ඉන්දියාවේ පළ වන ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බවත් ශ්‍රී ලංකාවට තම සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි අනිත් රටවල් සමඟ සබඳතා නිදහසේ වර්ධනය කර ගත හැකි බවත් වැන්ග් වෙන්බින් මහතා පවසා ඇති බවත් එම පුවත් පත කියයි.ඒ අනුව එම.නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට ඉන්දියාව මැදිහත් වීම පදනම් විරහිත ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදුවන සාමාන්‍ය හුවමාරුවකට ඉන්දියාව බාධා නොකල යුතු බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා ප්‍රකාශ කළ බව ‘ද හින්දු’ පුවත්පත පවසයි.එමෙන්ම බොහෝ විද්‍යාත්මක ගවේෂණ සිදුකරන නැව්, සැපයුම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වරායන්හි මීට පෙර නැංගුරම් ලා තිබෙන පසුබිමක ඉන්දියාව කරන මෙම අත පෙවීම කෙසේවත් අනුමත කළ නොහැකි බව ද චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා පවසා තිබේ.

කාලීන පුවත්