ලංගම ඩිපෝ වල ඉන්ධන පෞද්ගලික බස් වලට ලබා දීම ලංගමය වනසන පොටක්!

ලංගම ඩිපෝ හරහා අද (05) සිට පෞද්ගලික මගී ප්‍රවාහන හා සංචාරක බස් රථ සඳහා ඉන්ධන ලබාදීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ලංහම සේවකයෝ දැඩි අප්‍රසාදය පළ කරති. ප්‍රවාහන අමාත්‍ය දිලුම අමුණුගම මහතා පැවසුවේ, ලංගම ඩිපෝ 45කදී අද සිට එම කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවයි.එහෙත්,ඒ සම්බන්ධයෙන් ලංගම සේවකයන් පවසනුයේ ලංගම බස් ධාවනය සඳහා පිරිමැසුම්දායී ලෙස යොදා ගැනෙන ලංගම ඩිපෝ සතු සීමිත ඉන්ධන ප්‍රමාණය මෙලෙස බාහිර පාර්ශවයන්ට ලබා දීමට ගත් තීරණය ලංගම විනාශ මුඛයට ඇද දැමීමේ ඓතිහාසික පියවරක් වනු ඇති බවකි.ඒ ක්‍රියාමාර්ගය ඔස්සේ සිදුවන බරපතල ප්‍රතිවිපාක ඉදිරි දින කිහිපය තුළ රටටම දැක ගත හැකි වනු ඇතැයි ද ලංගම සේවකයෝ කියති.

කාලීන පුවත්