පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාට ජනාධිපතිවරයාගේ විශේෂ ව්‍යාපෘති භාරව කටයුතු කිරීම භාරව ඇති බැවින් ඔහුට ජනාධිපති කාර්යාලයෙන් කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක්ද ලබා දී තිබේ.මේ අතර නූතන ගෝලීය දේශපාලනය හා එක් විය හැකි ශ්‍රී ලංකාවේ එකම රාජ්‍ය නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ලන්සා මහතා පැවසීමත් සමඟ ශ්‍රී ලංකා පොදු පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තවත් මන්ත්‍රීන් පිරිසක් එම ස්ථාවරය දැරීම ශ්‍රී ලංකා පොදු පෙරමුණේ නිර්මාතෘ සහ ජාතිඅක සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ දැඩි නොකමැත්තට හේතු වී තිබේ. ඔහු ඒ සම්බන්ධයෙන් ජනාධිපති වරයා ද දැනුවත්කොට ඇතැයි ද පැවසෙයි.