ලබන මාසේ සිට විදුලි බිල අඩු කරනවා

මාසිකව විදුලි ඒකක බින්දුවේ සිට 30 දක්වා විදුලිය පරිභෝජනය කරන අඩු ආදායම් ලාභීන් ලක්ෂ දාහතකට වැඩි පිරිසකගේ විදුලිබිල ජුලි මාසයේ සිට සියයට 23 කින් අඩු කිරීමට යෝජනා කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.එසේම ඒකක 31 සිට හැට දක්වා විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට නවයකින් අඩු කිරීමට ද යෝජනා කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ස්ථාවර ගාස්තුව රුපියල් හාරසියය රුපියල් 250 දක්වා අඩු කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.හෝටල් ක්ෂේත්‍රයේ විදුලි බිල අවමය සියයට 29 – 40 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇතැයිද ඔහු කීවේය.විජේසේකර මහතා මෙසේ පැවසූවේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.නමුත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසා සිටියේ සමස්ත විදුලි ගාස්තුව මීට වඩා ඉහළ ප්‍රතිශතයකින් පහත හෙළිය යුතු බව ය.

කාලීන පුවත්