ලබන සතියේ පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

ලබන සතියේ පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක් ලබන සඳුදා සිට ජූලි 01 වෙනිදා දක්වා වන සතිය තුළ පාසල් පැවැත්වීම සිදු කිරීම සම්බන්ධයෙන් අද(25) දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගනු ලැබූ තීරණ ප්‍රකාශයට පත් කොට තිබේ.පසුගිය සතියේ නොපැවැත්වූ නාගරික ප්‍රාදේශවල පාසල් සතියකට දින 03 ක් එනම් අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දින පෙ.ව 07.30 සිට ප.ව 01.30 දක්වා පැවැත්විය යුතු බවත් මෙම පාසල් වලද, ප්‍රාථමික අංශ පවත්වන දින ගණන පැවැත්වීම පිළිබදව තීරණය කිරීමේ බලය විදුහල්පතිට හිමි විය යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.එමෙන්ම පසුගිය සතියේ ග්‍රාමීය පාසල් වල පාසල් පැවත්වූ ආකාරයට සිසුනට සහ ගුරුවරුනට ප්‍රවාහන අපහසුතාව නොපවතින පාසල් සාමාන්‍ය පරිදි පැවැත්විය යුතු අතර, මෙම පාසල් වල ප්‍රවාහන අපහසුතා පවතින ගුරුවරුන් සිටී නම් විදුහල්පති විසින් එම ගුරුවරුන්ගේ පෞද්ගලික නිවාඩු වලින් නිදහස් කර නම්‍යශීලී කාල සටහන් සකස් කළ යුතු ය.සිසුන් නොපැමිණෙන දින සඳහා මාර්ග ගත ඉගැන්වීම/වැඩ පැවරුම්/නිවෙස් පාදක ක්‍රියාකාරකම් මඟින් ඉගෙනුම් කටයුතු අඛණ්ඩව පවත්වා ගත යුතු අතර ප්‍රවාහන අපහසුතා හේතුවෙන් පාසලට නොපැමිණෙන ගුරුවරුන් සඳහා මෙම දින පෞද්ගලික නිවාඩු ලෙස නොසැලකීමට කටයුතු කෙරේ.

කාලීන පුවත්