ලබන 15 මැතිවරණ කොමිෂන් සභාව අවට විශේෂ පොලිස් ආරක්ෂාවක්

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා බාර ගන්නා ලබන 15 (බ්‍රහස්පතින්දා) මැතිවරණ කොමිෂන් සභාවට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාව යෙදවෙන බව එම කොමිසමේ සභාපති ආනන්ද රත්නායක පැවසීය.

මේ අනුව එම කලාපයට පොලිසියේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ 1500ක පමණ පිරිසක් යෙදවීමට නියමිත අතර මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව වෙනුවෙන් ඒ අවට ගොඩනැගිලි වලට ගුවන් හමුදා ස්නයිෆර් කණ්ඩායම්ද යෙදවෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

මැතිවරණ කාර්යාලයේ ආරක්ෂාව සඳහා එදින විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

කාලීන පුවත්