රුපියල් මිලියන එක්ලක්ෂ පනස් පන්දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් වෙන්දේසියක් මෙම ජනවාරි 22වැනිදා පවත්වන බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 35,000 ක භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 50, 000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 70,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බවයි.
වෙන්දේසියක් සඳහා ලංසු භාරගැනීම ජනවාරි 22 වැනිදා දහවල් 11.00 දක්වා සිදු කරන බවත් ලංසුවක් සඳහා අවම මුදල රුපියල් මිලියන 5ක් බවත් මහ බැංකුව පෙන්වා දෙයි.
මේ භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවීම් ජනවාරි 24 දා සිදුකිරීමට නියමිතව තිබේ.