ලෝක වෙළඳපලේ මිල තත්වයන් අනුව ලිට්රෝ ගෑස් මිල හෙට(04) සිට ක්රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර ඇති බවත් ඒ අනුව කිලෝග්රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70ත් 90ත් අතර මිලකින් ඉහළ දමන බවත් ලිට්රෝ ගෑස් සමාගම පවසයි.ඊට සාපේක්ෂව සෙසු ප්රමාණ වල ගෑස් සිලින්ඩර වල මිල ද ඉහළ යනු ඇත.