ලිට්‍රෝ ගෑස් මිල අඩු වීම අද සවස

ලෝක වෙළදපොළේ මිලට සාපේක්ෂව මෙරට ගෘහස්ථ ගෑස් මිල අඩු කිරීම අද(08) පස්වරුවේ සිට සිදු කළ හැකි බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. වසර ගණනාවකට පසු ලිට්රෝ සමාගම පසුගිය මාසයේදී සුළු සාධාරණ ලාභයක් ලබන ආයතනයක් බවට පත්වී තිබේ. එය සුබදායී සලකුණක් බව සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි. එතෙක් පැවති ගෑස් හිඟය මඟහරවා ගැනීම සඳහා පසුගිය දින 22 ක කාලය තුළ ගෑස් සිලින්ඩර් 27 ලක්ෂයක් පමණ වෙළෙදපොලට නිකුත් කිරීමට සමාගම විසින් පියවර ගෙන ඇත.

කාලීන පුවත්