ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති තෙසාර ජයසිංහ මහතා අද (13) එම තනතුරින් ඉවත් කොට නව සභාපතිවරයා ලෙස ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා පත් කර තිබේ.ගෑස් හිඟය සහ අනතුරුදායක ලෙස ගෑස්වල සංයුතිය වෙනස් වීම සම්බන්ධයෙන් හිටපු සභාපති තෙසාර ජයසිංහ මහතාට විවිධ පාර්ශවයන්ගෙන් බරපතල චෝදනා එල්ල විය.