අද ලෝකයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඔමික්‍රොන් බී.ඒ 5 අනු ප්‍රභේදය මෙරටින් ප්‍රථම වතාවට හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.මෙම ප්‍රභේදය නිසා ඉදිරි කාලය තුළ රටේ දරුණු වසංගත තත්වයක් මතු විය හැකි බව ද ඔහු සඳහන් කරයි.විශේෂයෙන්ම කොළඹ ආශ්රිත ප්‍රදේශවලින් මෙම කොවිඩ් අනු ප්‍රභේදය සුලබව වාර්තා වන බවත් මෙම තත්වය සැලකිල්ලට ගෙන ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් ප්‍රවේශම් සහගතව කටයුතු කිරීම ඉතා වැදගත් බවත් මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා අවධාරණය කරයි.