ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් හි ලැව් ගින්න වේගයෙන් පැතිරෙමින් පවතින අතර එම කලාපයේ හටගෙන තිබෙන ලැව් ගිනි පහෙන් එකක්වත් නිසි ලෙස පාලනය කර ගැනීමට ගිනි නිවන හමුදා නිලධාරීන් මෙය ලියන මොහොත වනතුරුත් සමත් වී නොමැත. ඇමරිකානු ඉතිහාසයේ දරුණුතම ලැව් ගින්න ලෙස සැලකෙන මෙම පැලිසේඩ්ස් ලැව් ගින්නෙන් මේ මොහොත වන විට අක්කර විසිතුන් දහසක පමණ ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන දැවී අවසන් බව පැවසේ. මියගිය සංඛ්‍යාව මේ මොහොත වනවිට 16 කි. ගොඩනැගිලි දස දහසකට අධික සංඛ්‍යාවක් ගින්නෙන් විනාශ වී තිබේ. එහි භයානකම තත්ත්වය නම් මේ වන විට ගිනි ට්රොනෙඩෝ නිර්මාණය වීමයි. මේ නිසා ගින්න පැතිරෙන වේගය තව තවත් උග්‍ර වී ඇත. ගින්න නිවීම සඳහා ලොස් ඇන්ජලීස් හි ගිනි නිවන භටයන් අටදහසකට වැඩි ප්‍රමාණයක් සේවයෙහි යොදවා ඇති අතර මෙම ගින්න නිවා දමන්නට තමන් අපොහොසත් වීම හේතුවෙන් ඔවුන් තදබල ලෙස මානසිකව ඇද වැටී සිටින බවද පැවසේ.
ලෝකයේ බලවතා ලෙස සැළකෙන ඇමරිකාව විද්‍යාව අතින් තාක්ෂණය අතින ලෝකයේ දියුණුතම රාජ්‍යයකි. එතරම් දියුණු රාජ්‍යයක් පවා අද සොබා දහම හමුවේ අසරණව සිටියි. අප මෙන්ම සියලු ජීවීන් ද, ජීවත්වන පරිසරය ද, වටාපිටාව ද මෙකී නොකී සියලු දේ සොබා දහමට අයත් ය.
ලෝකයේ බලවතා ලෙස සැළකෙන ඇමරිකාව විද්‍යාව අතින් තාක්ෂණය අතින ලෝකයේ දියුණුතම රාජ්‍යයකි. එතරම් දියුණු රාජ්‍යයක් පවා අද සොබා දහම හමුවේ අසරණව සිටියි. අප මෙන්ම සියලු ජීවීන් ද, ජීවත්වන පරිසරය ද, වටාපිටාව ද මෙකී නොකී සියලු දේ සොබා දහමට අයත් ය. පෘථිවිය ආරම්භයේ සිට ඇති වූ සියලු රසායනික භෞතික වෙනස්කම්, ජීවීන්ගේ පරිණාමය, සියලුම ජීවීන්ගේ ක්‍රියාකාරකම් මේ සියල්ලමත් සොබා දහම ය. සොබා දහමේ ක්‍රියාවලිය එක්තරා රටාවක් අනුව සිදුවන්නකි. එනිසා මිනිසාගේ පැවැත්මට හිතකර දේවල් මෙන්ම අහිතකර දේවල්ද සොබා දහම විසින් අප වෙත ලබා දෙයි. මෙම අහිතකර දේවල් බොහෝ විටම සොබා දහම විසින් දෙනු ලබන්නේ මිනිසා විසින් සොබා දහමට කරනු ලබන කෙනෙහිකම්වලට දෙන දඬුවම් ලෙසිනි. නමුත් අවසානයේ සියල්ල සමතුලිතභාවයට පත් කිරීමටද සොබා දහම වග බලා ගනියි.
මෙලෙස සොබා දහම සමඟ ජීවත්වන මිනිසා ඇතුළු ජීවීන් ගේ මොළයේ ක්‍රියාකාරිත්වය සහ සිරුරේ ජීව විද්‍යාත්මක පද්ධතිවල ක්‍රියාකාරකම් සියල්ල සැකසී ඇත්තේ සොබා දහමට අනුකූල ලෙසිනි. එනිසා සොබා දහම සමඟ ඉදිරියට ගොස් තිබෙන්නේ එහි රැකවරණය හොඳින්ම සලසා ගත හැකි ජීවීන් පමණි. එසේ නොවන ජීවීන් මේ වනවිට වඳ වී ගොස් තිබේ.
මිනිසුන් කොයිතරම් විද්‍යාව සහ තාක්ෂණය අතින් දියුණු තැනකට පත්ව සිටින්නේදැයි කිවහොත් සමහරුන් උපකල්පනය කරන්නේ එය සොබා දහමට ද අභිබවමින් ගිය ගමනක් ලෙසිනි. ඒ අනුව මිනිසා සොබා දහමටද අභියෝග කර ඇති බව පවසමින් සමහරු උදම් අනති. නමුත් කිසිවිටෙකත්, කිසිවකුටත් සොබා දහමට ඉහළින් යා නොහැකි බව ට හොඳම උදාහරණය ලොස් ඇමරිකාවේ පැතිර යමින් තිබෙන ලැව් ගින්න ය.
තවත් උදාහරණයක් ගනිමු.
සොබා දහමේ දිවා රාත්‍රී රටාවක් තිබේ. මොළයෙහි ජීව විද්‍යාත්මක ඔරලෝසුවක් ඇති අතර ඒ අනුව අපේ ශරීරය සැකසී ඇත්තේ දිවා කාලයේ වැඩ කිරීමට සහ රාත්‍රියට නිදා ගැනීමට ය. නමුත් නිසි නින්දක් රාත්‍රියේ නොලැබීම සහ දිවා කාලයේ නිදා ගැනීම තුළින් නින්ද සහ අවදි චක්‍රය වෙනස් වේ. මෙයින් මොළයේ රසායනික ක්‍රියාකාරිත්වය වෙනස් වී එහි ප්‍රතිඵලය ලෙසින් විවිධ මානසික ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවිය හැකිය. බයිපෝලර් ලෙසින් හඳුන්වන මානසික රෝගය සුව කිරීමේ ක්‍රමවේදයක් ලෙස ස්වභාවික නින්ද සහ ආහාර ගැනීමේ රටාව ක්‍රමවත් කිරීම මනෝ වෛද්‍යවරුන් විසින් අනුගමනය කෙරේ.
ස්වභාවිකත්වයට අනුව ජීවත්වන අය සොබා දහමට අනුගතව වඩාත් සුවදායී මනසින් යුතුව ජීවත් වෙති.එහිම ප්‍රතිවිරුද්ධ පැත්ත වන සොබා දහමට එරෙහි දේවල් සිදු කිරීම, සොබා දහම සමග ගැටීම මානසික ගැටලුවලට හේතුවන්නක් බව බොහෝ දෙනෙක් නොසිතන කරුණකි. සොබා දහම විසින් මහ පොළොව වෙත දෙනු ලබන වැස්ස, අව්ව, උණුසුම, සීතල වැනි තත්ත්වයන් සමඟද බොහෝ දෙනකු ගැටෙති. එම ගැටීමේ ප්‍රතිඵලය මානසික පීඩාව වැඩිවීමයි. එවැනි මානසික ආතතිවලින් පීඩා විඳින අයට දෙනු ලබන එක් උපදෙසක් වන්නේ සොබා දහම සමඟ සහයෝගයෙන් ජීවත්වීමට මග පෙන්වීමයි.
ඕනෑම පුද්ගලයකුගේ මනස නිරවුල්ව, පැහැදිලිව, තෘප්තිමත් ලෙස පවත්වා ගැනීමට ඉතා පිටිවහලක් ලබාදෙන දෙයක් නම් ස්වභාවික පරිසරය සමඟ ජීවත් වීම සහ සතුන් රැක බලා ගැනීම වැනි සොබා දහමට අනුකූල ලෙස ජීවිතය පවත්වාගෙන යාමයි. එමගින් මානසික රෝග හට ගැනීමේ අවදානම අඩුවේ. පරිසරය වෙනස් කිරීමට උත්සාහ කිරීම යනු සොබා දහමේ සමතුලිත බව බිඳ දැමීමයි. සංවර්ධන කටයුතු සඳහා පරිසරයට විශාල වශයෙන් කරනු ලබන හානි හේතුවෙන් පාංශු ව්‍යුහය බිඳවැටීම, ගස්කොලන් කපා දැමීම නිසා වර්ෂා රටාවන් වෙනස්වීම වැනි දේවල් සිදුවන දේශගුණික තත්ත්වයන් වෙනස් වීම ද මානසික ගැටලු ඇති කිරීම සඳහා බලපානු ඇත.
ඕනෑම පුද්ගලයකුගේ මනස නිරවුල්ව, පැහැදිලිව, තෘප්තිමත් ලෙස පවත්වා ගැනීමට ඉතා පිටිවහලක් ලබාදෙන දෙයක් නම් ස්වභාවික පරිසරය සමඟ ජීවත් වීම සහ සතුන් රැක බලා ගැනීම වැනි සොබා දහමට අනුකූල ලෙස ජීවිතය පවත්වාගෙන යාමයි. එමගින් මානසික රෝග හට ගැනීමේ අවදානම අඩුවේ.
පරිසරය වෙනස් කිරීමට උත්සාහ කිරීම යනු සොබා දහමේ සමතුලිත බව බිඳ දැමීමයි. සංවර්ධන කටයුතු සඳහා පරිසරයට විශාල වශයෙන් කරනු ලබන හානි හේතුවෙන් පාංශු ව්‍යුහය බිඳවැටීම, ගස්කොලන් කපා දැමීම නිසා වර්ෂා රටාවන් වෙනස්වීම වැනි දේවල් සිදුවන දේශගුණික තත්ත්වයන් වෙනස් වීම ද මානසික ගැටලු ඇති කිරීම සඳහා බලපානු ඇත. මිනිසා විසින් කරනු ලබන මෙවැනි පරිසරයට සොබා දහමට එරෙහි වූ ක්‍රියාකාරකම් නිසා එක පැත්තකින් සීත ඍතුව දීර්ඝවීම ද මානසික ආතතියට සහ විශාද තත්ත්වයන් වැඩිවීමට බලපෑම් ඇති කරයි. එසේම අනෙක් අතට ගෝලීය උෂ්ණත්වය වැඩිවීම ද නොයෙකුත් මානසික ගැටලු ඇතිකරවීමට හේතුවේ. ගෝලීය උණුසුම වැඩිවීම තුළින් සිදුවන්නේද විශාල පාරිසරික හානියකි. එවැනි ව්‍යසනවලින් පසුව විශාල මානසික වියවුල් ඇතිවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස විශාදය , පශ්චාත් ව්‍යසන ක්ලමථ තත්ත්වය (Post traumatic stress disorder – P.T.S.D.) වැනි මානසික ආබාධ හට ගතහොත් ඒවා දීර්ඝකාලීනව පවතින්නට තිබෙන හැකියාව වැඩි ය. P.T.S.D. ආබාධය නිසා නින්ද නොයාම, නින්ද ගිය විට නපුරු සිහින පෙනීම, තමන් මුහුණ දුන් ව්‍යසනය නිතර නිතර සිහිපත් වීම, එම ව්‍යසනය වූ ස්ථානයට යාම හැකිතාක් මගහැරීම වැනි දෑ දැක්විය හැකිය.
එනිසා සොබා දහමට එරෙහි වීම කිසිසේත්ම ලඝු කොට සැලකිය හැක්කක් නොවේ. සත්වයාට සැනසීම තිබෙන්නේ සොබා දහමට අනුගත වූ තරමට ය.
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
සැකසුම – ඉන්දු පෙරේරා