ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් ”සිරි දළදා වන්දනාව” අද දෙවන දිනටත්

ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් ”සිරි දළඳා වන්දනාව” අද(19) දෙවන දිනටත් පැවැත්වේ.
ශ්‍රී දළඳා මාළිඟයේදී දළඳා සමිඳුන් උදෙසා විශේෂ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව දහවල් 12 සිට පස්වරු 5.30 දක්වා දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනු ඇති.

දළදා මාලිගාවේ පිරිත් මණ්ඩපයේ විශේෂ පීඨීකාවක් මත ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශන කරඬුව තුළ තැනපත් කර ඇත්තේ වන්දනාව වෙනුවෙන් ය.සුදු වතින් සැරසි, සැදැහැ සිතින් දළදා සමිඳුන් වැදපුදා ගැනීමට පැමිණෙන්නැයි මහනායක හිමිවරුන් බැතිමතුන්ට දැනුම් දෙයි.

මෙවර දළදා දැක්ම පැවැත්වෙන්නේ වසර 16 කට පසුවයි.

කාලීන පුවත්