සෑම වසරකම ජුනි 14 දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරීම සිදු කෙරේ.
රුධිර පරිත්‍යාගශීලීන්ගේ උතුම් මෙහෙවර අගයමින් සෑම වසරකම ජුනි 14 දින ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරේ. එහිදී ඔවුන්ට උපහාරයක් සිදු කෙරේ. රුධිර පරිත්‍යාගශීලීන් පුද්ගලිකව මෙන්ම රුධිර පරිත්‍යාගශීලීන්ගේ කදවුරු සංවිධානය කරන සංවිධායකවරුන්ද ඇගයීමක් මෙහිදී සිදුකෙරේ. මෙවර රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනයේ තේමාව වනුයේ ‘ජීවිත සුරැකීමට පිය නගමු’ යන්නයි.
රුධිර පරිත්‍යාගශීලීන්ගේ ජාතික උත්සවය අද (14) කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වෙයි. රුධිර පරිත්‍යාගශීලීන් දහසක් ඇගයීමටත්, ඊට සමගාමීව දිවයින පුරා පිහිටි පර්ශද රුධිර මධ්‍යස්ථාන වලදී තවත් රුධිර පරිත්‍යාගශීලීන් තුන් දහසක් ඇගයීමටත්, ශ්‍රී ලංකා රුධිර ජනක සෛල දායකයින්ගේ ලේඛණය ආරම්භ කිරීමටත්,රක්තා ජංගම දුරකතන යෙදුම (Rakthaa App) එලි දැක්වීමත්, අද දිනයේ සිදු කිරීමට බලාපොරොත්තු වන බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.