වගා නොකරන ඉඩම් කුඹුරු තරුණයන්ට

දීර්ඝ කාලයක් වගා නොකළ ඉඩම් සහ කුඹුරු රජයට පවරා ගැනීමට අදාල ගැසට් පත්‍රය කඩිනමින් නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. දීර්ඝ කාලයක් වගා කර නොමැති බවට හදුනා ගත හැකි ඉඩම් මේ සඳහා තෝරා ගැනෙන අතර එම ඉඩම් අදාල කෘෂි විද්‍යා තාක්ෂණික උපදෙස් ද සමඟ කෘෂිකර්මය සඳහා උනන්දුවක් පළ කරන තරුණ ප්‍රජාවට ලබාදිම රජයේ සැලසුමයි.සාම්ප්‍රදායික කෘෂිකර්මය කෙරෙහි තරුණ ප්‍රජාව තුළ පවත්නා පසුබෑම නවීන කෘෂිකර්මය සම්බන්ධයෙන් ඇති නොවනු පිණිස ඔවුන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමට ද අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කීය.

කාලීන පුවත්