වගා හානි කරන රිලවුන් හා වඳුරන් පළවා හරින විද්‍යුත් උපකරණයක්

වගා හානි කරන රිලවුන් හා වඳුරන් පළවා හරින විද්‍යුත් උපකරණයක් වගාවන්ට හානි සිදු කරන රිළවුන් හා වඳුරන් විද්‍යුත් කම්පන මාධ්‍යයකින් පලවා හැරීම සඳහා ශ්‍රී ලාංකේය ඉන්ජිනේරුවකු විසින් නව උපකරණයක් නිෂ්පාදනය කර ඇති අතර. මේ වන විට එහි පර්යේෂණ කටයුතු ආරම්භ කර තිබේ.ඉංජිනේරු මනතුංග ශෙරාන් දීප්ති ජීවකාන්ත ද සිල්වා මහතා විසින් නිෂ්පාදනය කර ඇති මෙම උපකරණය පිළිබඳව ලුණුවිල ජාතික පොල් පර්යේෂණ ආයතනය මේ වනවිට එහි සාර්ථකත්වය පිළිබඳව පරීක්ෂා කිරීමේ කටයුතු නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කරනු ලැබේ.රිළවුන්ට සහ හා වඳුරන්ට දැරීමට අපහසු ශබ්ද තරංග නිකුත් කරන මෙම විද්යුත් උපකරණයේ සාර්ථකත්වය පිළිබඳව සොයා බැලීම රිළවුන් හා වඳුරන් බහුලව ගැවසෙන කෑගල්ල, පුත්තලම පල්ලව, වනාතවිල්ලුව, පොල්ගහවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයක වගාවන් ආශ්‍රිතව පරීක්ෂණ කටයුතු සිදු කළ අතර මෙහි සාර්ථකත්වයක් දකින්නට හැකි වූ බවත් මෙහි කොපමණ සාර්ථකත්වයක් තිබෙනවාද? යන්න තවදුරටත් සොයා බැලීම සිදු කරන බවත් ශෙරාන් දීප්ති ජීවකාන්ත ද සිල්වා මහතා කියයි.මෙම උපකරණය භාවිතා කරමින් වඳුරන් රිළවුන් පලවා හැරි ඇතැම් ප්‍රදේශවල ජනතාව ද මෙහි සාර්ථකත්වය පිළිබඳව යහපත් ප්‍රතිචාර දක්වා ඇති අතර සතුන්ට ජීවිත හානි නොකොට වගාවන් ද ආරක්ෂා කර ගත හැකි මෙම උපකරණයේ සාර්ථකත්වය පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවත් මෙම උපකරණය සාර්ථක වන බවට විශ්වාසයක් පවතින බව ද මනතුංග ශෙරාන් දීප්ති ජීවකාන්ත ද සිල්වා මහතා සඳහන් කරයි.

කාලීන පුවත්