වර්තමාන ආර්ථික අර්බුදය නිර්මාණයට සම්බන්ධ බොහෝ පිරිසක් රට තුළ සිටින බවත් ඔවුන් සම්බන්ධව විධිමත්, නිවැරදි පරීක්ෂණ පවත්වා ඒවාට වගකිවයුත්තන් නිවැරදිව හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.ඔහු වැඩි දුරටත් පවසන්නේ කොවිඩ් කාලසීමාවේ සිදුවූ අක්‍රමිකතා කොවිඩ් මරණ සම්බන්ධව සේම ඉන්ධන අර්බුදයට සම්බන්ධ පාර්ශව පිළිබඳව ද නිවැරදිව විමර්ශනය කළ යුතු බවකි. එසේම ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන් සිරගත කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බව ද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.