රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කළ රු 1700 දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් අපොහොසත් වුවහොත් එම වතු සමාගම් යළි රජයට පවරාගෙන අනතුරුව වෙනත් සමාගම් වලට බදු පදනම මත එම වතු ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.ජීවන් තොණ්ඩමන් මහතා ඒ බැව් කියා සිටියේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු මහ ලේකම් සහ හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ 60 වන ජන්ම දිනය නිමිත්තෙන් හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්රස් මුලස්ථානයේ ඊයේ ( 29)පැවති සැමරුම් උත්සවයකට සහභාගී වෙමිනි.