මාසයක පමණ කාලයක් සබරගමු මහ සමන් දේවාලය ආශ්‍රිතව ඇතිව තිබු කුණාටුව ඉකුත් 03 වන දා අභියාචනාධිකරණයේ නියෝගයකින් පහව ගියේ ය.මෙය දේශපාලන සුළි සුළඟකින් මතු වූ පරිපාලනමය කුණාටුවකි.විහාර දේවාලගම් පනතේ නියාමන බලධාරියා වන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් සබරගමු මහ සමන් දේවාලයේ නීත්‍යානුකූලව පත්ව සිටි බස්නායක නිලමේ වරයාගේ ධුර කාලය අවසානයේ දී දේශපාලන පක්ෂයක නම් කිරීමෙන් මැණික් ව්‍යාපාරිකයෙකු එහි වැඩ බලන භාරකරු ලෙස පත්කරන ලදී. මෙම පත්වීම සබරගමුවේත් රටේත් බලවත් ආන්දෝලනයක් බවට පත් වුණේ ඊට දේවාලයේ නිල රාජකාරි මණ්ඩලය විරෝධය දැක්වීමත් සමඟ ය. දේවාලයේ නිල රාජකාරි මණ්ඩලයට අයත් ඇතුලු කට්ටලේ කපු නිලයන්ගේ සිට විවිධ තේවාවන් ඉටු කරන සාම්ප්‍රදායික කාර්ය මණ්ඩලයත් පිට කට්ටලේට අයිති සාම්ප්රදයික රාජකාරි තනතුරු දරණ මොහොට්ටාල ,රත්නක මුදන්නායක ,වන්නකු නිලමේවරුනුත් විදානේලා ඇතුලු සියලුම දෙනාත් එකාවන්ව මේ නව වැඩ බලන භාරකරුව ප්‍රතික්ෂේප කළහ.ඔවුන්ගේ ප්‍රබල විරෝධයට හේතුව වූයේ සම්ප්‍රදායට අනුව භාරකරුවෙකු පත්විය හැකි පවුලකට අයත් නොවන පිටස්තර කෙනෙකු මේ තනතුරට පත්කිරීම ය.ඒ අනුව මෙය සම්ප්රදාය අතික්‍රමණය කළ අනිසි ක්‍රියාවක් බව ඉඳුරාම පැහැදිලි ය.
මේ පිළිබඳව මාධ්‍යයෙන් ප්‍රචාරය වීමෙන් පසු පසුගිය ජනවාරි පස් වන දින මුහුණු පොතේ සටහනක් හා විනිවිද ඇතුළු වෙබ් අඩවි කීපයක පළවූ ලිපියක් මඟින් මම මෙම පත්වීමේ නෛතික භාවයක් නැති බවට කරුණු පෙන්වා දුනිමි. බෞද්ධ විහාර දේවාලගම් ආඥා පණත අනුව ස්ථිර බස්නායක නිලමේ වරයෙකුගේ ධුර කාලය නිම වූ පසු නව බස්නායක නිලමේ වරයකු පණතේ සඳහන් ක්‍රියා මාර්ග අනුව පත්කරනවා මිස වැඩ බලන බස්නායක වරයෙකු පත් කිරීමට බලයක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට නොමැති බව පැහැදිලි කරමින් මෙය නිසි බලයක් නැතිව සිදු කළ අන්තනෝමතික පත්වීමක් බව සටහන් කළෙමි. කාගේ කීමට මේ පත් කිරීම කලත් සායම යන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගේ බවත් ඔහු දක්වන අදහස් අනුව නම් සායම සේදී යනතුරුම ඔහු මෙසේම ක්‍රියා කරනු ඇති බවත් මම සටහන් කළෙමි.මේ අනීතික පත්වීම බල රහිත කරමින් අභියාචනාධිකරණය ඉකුත් 03 වන දා නිකුත් කළ අතුරු තහනම් නියෝගයෙන් මා කියූ ලෙසම සායම ගියේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගේ ය. ඔහුගේ සායම යන විට බොහෝ දෙනෙකු නුදුටුවාට පස්ස බිම ඇනී හම ගියේ ඔහුට පිටුපසින් සිට මේ අනීතික කාරියට ඔහු මෙහෙය වූ දේශපාලකයින්ගේ ය.එදා මාධ්‍ය ඉදිරියේ මේ පත්වීම කළේ නීතියට අනුවයැයි කියා ලිස්සා ගිය කොමසාරිස් ජනරාල් වරයාට කවුරුන් හෝ අධිකරණයට ගියොත් එසේ ලිස්සා යන්න බැරිවෙනු ඇති බවත් මගේ ලිපියේ පැහැදිලිවම සටහන් කළෙමි.
අධිකරණ නියෝගය පූර්වාදර්ශයක් කරගනිමින් මින් ඉදිරියට විහාර දේවාලගම් පණත අනුව බස්නායක නිලමේ වරයෙකුගේ ධුර කාලය අවසානයේ ක්‍රියා කළ යුතු අන්දම පිලිබඳව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් සකස් කළ යුතුව ඇත.එහිදී මෙබඳු අවස්ථාවකදී ක්‍රියා කළ යුතු අන්දම ද ඇතුලත් විහාර දේවාල භාරකරුවන් පත්කිරීම හා ඔවුන්ගේ පාලන කටයුතු වලට අදාලව ක්‍රියා මාර්ග ඇතුලත් කාර්ය සංග්‍රහයක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පිළියෙල කිරීම වැදගත් වේ.
මගේ ලිපිය දුටු අප හිතවත් හිටපු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයෙකු මට දුරකථනයෙන් කතා කර පැවසුවේ වැඩ බලන භාරකරුවෙකු පත් කිරීමට කොමසාරිස් ජනරාල්ට නෛතික බලය ඇති බව ය.එවිටමම පණතේ කවර විධිවිධානයකට අනුව එය කළ හැකිදැයි පෙන්වාදෙන ලෙස ඔහු ගෙන් ඉල්ලා සිටියෙමි.එවිට ඔහුගේ පිළිතුර වුයේ පණතේ කොහේ හරි එසේ කළ හැකි බව සඳහන්ව ඇති බව ය.ඒ “කොහේ හරි” කතාව ඇසූ මා ඔහුට කිව්වේ කවුරුන් හෝ අධිකරණය හමුවේ අභියෝග කරන තුරු ඔය “කොහේ හරි” කතාව තුළ සැඟවී සිටිය හැකි බවය.ඉකුත් 03 වන දා අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයෙන් ඒ හිටපු කොමසාරිස් ජනරාල්ටත් සහ ඉන්න කොමසාරිස් ජනරාල්ටත් හා ඔහුට වැරදි නියෝග දුන් “සෙනවි”වරුන්ටත් දෙවියන් සිහි වන්නට නිවැරදි පිළිතුර ලැබී ඇත. දැන් අප ඉදිරියේ ඇත්තේ මෙ පරිද්දෙන් අනීතික අත්තනෝමතික පත්වීම් ඉදිරියේ දී සිදුවීම වලක්වා රාජ්‍ය තන්ත්රය නීතිගරුකව ක්‍රියාත්මකවීම තහවුරු කළ හැක්කේ කෙසේද? යන්න ගැන සකච්ඡා කිරීමයි.
මෙම අධිකරණ නියෝගය පූර්වාදර්ශයක් කරගනිමින් මින් ඉදිරියට විහාර දේවාලගම් පණත අනුව බස්නායක නිලමේ වරයෙකුගේ ධුර කාලය අවසානයේ ක්‍රියා කළ යුතු අන්දම පිලිබඳව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් සකස් කළ යුතුව ඇත.එහිදී මෙබඳු අවස්ථාවකදී ක්‍රියා කළ යුතු අන්දම ද ඇතුලත් විහාර දේවාල භාරකරුවන් පත්කිරීම හා ඔවුන්ගේ පාලන කටයුතු වලට අදාලව ක්‍රියා මාර්ග ඇතුලත් කාර්ය සංග්‍රහයක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පිළියෙල කිරීම වැදගත් වේ.එවිට මින් ඉදිරියට වත් දේශපාලන නායකයන් දෙන ගොබ්බ නියෝග වලින් රජයේ නිලධාරීන් මෙලෙස වල වල් වල වැටීම නතර කර ගත හැක.
ඉහත පරිදි රජයේ බලධාරීන්ට රාජකාරි කිරීමට අත් පොත් නැත්නම් කාර්ය සංග්‍රහ සැකසීම අත්‍යාවශ්‍යව ඇත්තේ.කලින් කලට බලය ලබා ගන්නා ආණ්ඩුවල බලධාරීන්ගේ අවශ්‍යතාව මත හෝ රාජ්‍ය නිලධාරීන්ගේ නොසැලකිලිමත් භාවය නිසා රජයේ ක්‍රියාකාරිත්වය විකෘති කිරීම වැලැක්වීමට ය. මහ ජනතාව ආණ්ඩුවක් පත්කරන්නේ කාගේවත් දේශපාලන පක්ෂ බලවත් කිරීමට හෝ ආණ්ඩුවේ එක් එක් පුද්ගලයාට අවශ්‍ය පරිදි රාජ්‍ය කටයුතු විකෘති කරවීමට නොවේ.රටේ නීතියට අනුව සාධරණව හා කාර්යක්ෂමව රාජ්‍ය සේවාවන් ඉටුකරලීම සහතික කිරීමට ය.මහජනතාවගේ මූල්‍ය දායකත්වයෙන් රාජ්‍ය සේවාවක් පවත්වාගෙන යමින් මහජන නියෝජිතයින් ඇතුලත් පාර්ලිමේන්තුවෙන් නීති රීති සම්මත කර රාජ්‍ය සේවාවට බලය දී ඇත්තේ එම කාර්යන් එම නීතිරීති වලට අනුකූලව නිසි ලෙස ඉටුකිරීමට ය.එම නිසා එක් එක් බලධාරීන් තමන්ට හිතෙන හිතෙන දේවල් රාජ්‍ය ව්‍යුහය යොදා ගනිමින් කිරීමට ඇති ඉඩකඩ අහුරා තැබීම ස්වේච්ඡාවෙන් කොඳු ඇටය බිඳගෙන ඇති මෙරට රාජ්‍ය සේවාව යථාවත් කිරීමේ පළමු පියවරයි.එනිසා තමන් වෙත පවරා ඇති නෛතික බලතල පාවිච්චි කිරීමේදී අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රියා පටිපාටි සෑම රාජ්‍ය ආයතනයකින්ම සකස් කර ඊට අනුකූලව රාජකාරි කිරීමට රාජ්‍ය නිලධාරීන්ට අනිවාර්ය කළ යුතුව ඇත.ඒ සඳහා හොඳ පූර්වාදර්ශයක් ලෙස මේ මහ සමන් දේවාල වැඩ බලන භාරකාර පත්වීම ට විරුද්ධ අතුරු තහනම් නියෝගය යොදා ගත හැක.එවිට මෙවැනි රාජකාරීමය වැට පැනීම් වලින් තොර විධිමත් රාජ්‍ය සේවයක් පවත්වා ගෙන යාමට පුළුවන.
සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති