වව්නියාවේ ගොවිතැනට රජයේ පූර්ණ සහාය දෙනවා

උතුරේ බෝග වගාවන් සාර්ථකව සිදු කළ හැකි බැවින් වැඩි අස්වැන්නක් මත පදනම් වූ වැඩි ආදායමක් සහිත බෝග වගාවන් සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.ඒ වව්නියාව දිස්ත්‍රික් සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.අහරින් ස්වයංපෝෂිත රටක් ඇති කිරීම පිළිබඳ රජයේ අරමුණට වව්නියාව දිස්ත්‍රික්කයෙන්ද සහාය ලබාගත හැකි බැවින් වව්නියා දිස්ත්‍රික්කය තුළ වැඩි අස්වැන්නක් ලබා ගත හැකි බෝග වගාවන් සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය වරයා කියා සිටියේ වව්නියාව දිස්ත්‍රික් සංවර්ධන ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමිනි. මැති ඇමතිවරුන් පිරිසක් හා රාජ්‍ය නිලධාරීන් ද ඊට එක්ව සිටියහ.
.

 

කාලීන පුවත්