පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ළමුන් අතර පාචනය වැනි රෝග තත්ත්වයන් ඉහළ යාමක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
කුඩා දරුවන් මෙවැනි රෝගවලින් ආරක්ෂා කරගැනීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම ඉතා වැදගත් බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
ඔහු පෙන්වා දෙන්නේ වර්ෂාවත් සමග මැස්සන් වැනි සතුන්ගේ බෝවීම ඉහළ යාම මෙම රෝගී තත්ත්වයන්ට හේතු වී ඇති බවය.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ වසංගත රෝග ව්‍යාප්තිය ද ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ මේ පිළිබඳව ජනතාව වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.