ව්‍යාජ කෙටි පණිවුඩ මඟින් මුදල් වංචාවක්

රජය මගින් මුදල් ලබා දෙන බව පවසා ජනතාවගේ මුදල් වංචා කිරිමේ ජාවාරමක් මේ දිනවල සිදු වන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.රුපියල් 50,000ක මුදලක් රජය මගින් ලබා දෙන බවට පවසමින් එම ව්‍යාජ කෙටි පණිවුඩ ලැබෙන බවට ජනතාව පැමිණිලි කර තිබේ. පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, එම පණිවුඩ සමග පැමිණෙන ලින්ක් (ළින්ක්) තුළට ප්‍රවේශ වීම හා එම ලින්ක් වෙනත් පුද්ගලයින් සමඟ හුවමාරු කිරිමෙන් වළකින ලෙසයි.

කාලීන පුවත්