විදේශයෙන් ලැබෙන ආදායම වාර්ෂිකව රුපියල් ලක්ෂ 18 කට වඩා අඩුනම් බදු අය නොකෙරෙන බවත්, අනාගතයේදී බිලියන ගණනක විදේශ විනිමය රටට ගෙනාවත් ඉන් අය කෙරෙන්නේ සියයට 15 ක බද්දක් පමණක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ පැවැසීය.
මෙම බද්ද අය කෙරෙන්නේ මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය බිලියන පහක ආර්ථිකයක් දක්වා ගෙනයාම සඳහා බවද ඔහු කීවේය.
විදේශවලට සේවා සපයා ලබා ගන්නා ආදායමට කාලයක් තිස්සේ බදු අය නොකෙරුණු බවත්, කිසිදු කර්මාන්තයකට වරණීය සැලකීමක් සිදුකළ නොහැකි බව (Preferential treatment) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම්වල පැහැදිලිවම තිබෙන බවත්, එම ගිවිසුම් අනුව තනි පුද්ගල සහ ආයතනික සේවාවන්ගෙන් සියයට 30 ක බද්දක් අය කිරීමට ඉකුත් වසරේදී එකඟතාවකට පැමිණ තිබෙන බවත්, රජය සාකච්ඡා කර එය තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයට සියයට 15 ක් දක්වා අඩු කිරීමට හැකිවූ බවද නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.