මෙවර අයවැයෙන් සිදුකළ ගුරු විදුහල්පති වැටුප් වැඩිකිරීම් ලබන මාසයේ සිට ඔවුන්ට හිමිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. වැටුප් කොමිසම ඇතුලු අදාළ ආයතන මේ වනවිට ඒ සදහා අවශ්‍ය කටයුතු සකස් කරමින් සිටියි. ගුරු විදුහල්පති සේවා වල වැටුප් විෂමතා ඉවත් කිරීම සදහා ඇමති මණ්ඩලය පසුගිය අගෝස්තු 30 වැනිදා ගත් තීරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සදහා තවත් රුපියල් කෝටි තුන්දහසක් වෙන් කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබිණි.මේ සඳහා ඉකුත් කාලය පුරා ගුරු විදුහල්පති උද්ඝෝෂණ විරෝධතා දියත් කොට තිබීම ද විශේෂත්වයකි