වැඩි මිලට බඩු විකුණන වෙළඳුන් ගැන 1977 ට දැනුම් දෙන්න

කිසියම් වෙළෙන්දකු උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් භාණ්ඩ අලෙවි කරන්නේ නම් 1977 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ ඒ පිළිබඳව දැනුම් දෙන්නැයි පාරිභෝගික අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එම දුරකතන අංකය දවසේ පැය 24 පුරා ඒ සදහා විවෘතව පවතී. මිල ප්‍රදර්ශනය නොකෙරෙන භාණ්ඩ පිළිබදව මෙන්ම ඕනෑම ආකාරයක පාරිභෝගික පැමිණිල්ලක් එම දුරකතන අංකයට යොමු කළ හැකිය. උත්සවය සමයේ පාරිභෝගික ජනතාව රැවටීමට ඇතැම් ව්‍යාපාරිකයන් විවිධ උපක්‍රම භාවිත කරන අතර ඒවාට නොරැවටෙන්නැයි ද සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

කාලීන පුවත්