වැඩ වර්ජනයට ජනතා සහාය;නාගරික කලාප උනුසුම් වෙයි

ජනාධිපතිවරයා අගමැති වරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වන ලෙස බලකරමින් අද (28) රට පුරා ක්‍රියාත්මක වූ වැඩවර්ජක උද්ඝෝෂණ වලට අද පස්වරුවේ ව්‍යාපාරික සේම සාමාන්‍ය ජනතාව ද එක් වීම හේතුවෙන් අගනුවර ඇතුළු බොහෝ නාගරික කලාප අද සවස් වන විට දැඩි උනුසුම්කාරී බවක් පළ කරනූ දැකිය හැකි විය.ඒ හේතුවෙන් කොළඹ පිට කොටුව ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව වාහන තදබදයක් ද ඇති විය.සාමාන්‍යයෙන් සේවක වැඩ වර්ජන සඳහා සාමාන්‍ය ජනතාව එක් වීම අප රටේ දුලබ සිදු වීමක් වුවද මෙවර වැඩ වර්ජකයන් හා සාමාන්‍ය ජනතාව අත්වැල් බැඳගනිමින් ජනාධිපතිවරයාට සහ අගමැති වරයා ඇතුළු ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කිරීම විශේෂ සිදුවීමකි.

කාලීන පුවත්