වැස්සෙන් හානි වූ කුඹුරුවලට කාබනික පොහොර හා බිත්තර වී යළිත්

මේ දිනවල පවතින අධික වර්ෂාවෙන් හානියට පත් කුඹුරුවල නැවත වගා කිරීම සඳහා අවශ්‍ය බිත්තර වී හා කාබනික පොහොර ඇතුළු සහනාධාර ලබා දීම සඳහා අදාළ ඇස්තමේන්තු සකස් කර ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.මෙවර මහ කන්නයේ වගා හානිය කුඹුරු හෙක්ටයාර් 30,000කට වැඩි නොවන බව ඊයේ (15) පස්වරුවේ සූම් තාක්ෂණය ඔස්සේ දිවයින පුරා ගොවිජන සංවර්ධන නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී අනාවරණය වී ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.හානි තක්සේරු කර ,සහන දීමට පියවර ගන්නා ලෙසද කෘෂි රක්ෂණ මණ්ඩලයේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමාත්‍යවරයා කියා පවසයි.මේ අතර කෘෂි විද්‍යා ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ වැසි සහිත කාලගුණික තත්වයන් යටතේ පත්‍රික පොහොර යෙදීමෙන් නිසි ප්‍රතිඵල නොලැබෙන බවය.

කාලීන පුවත්