වික්ටර් අයිවන් සමුගනී

මෑත යුගයේ ශ්‍රී ලංකාවේ බිහි වූ මුල් පෙළේ දේශපාලන විචාරකයකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ඊයේ(19) අභාවප්‍රාප්ත වී ඇත.කලක සිට අසනීප තත්ත්වයෙන් ගල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යනවිට 76 වියේ පසුවිය. 1949 වසරේ ජුනි 26 වනදා උපත ලැබූ අයිවන් මහතා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකු වූ වික්ටර් අයිවන් මහතා1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලට “පොඩි අතුල”යන නමින් සම්බන්ධ වීමත් සමඟ මෙරට විකල්ප දේශපාලනයේ සුවිශේෂ භූමිකාවකට හිමි කම් කීමට ඔහු සමත් විය.අසූව දශකය අගභාගයේ බිහි වූ රාවය පුවත්පතේ සමාරම්භක කතෘවරයා වු වික්ටර් අයිවන් මහතා මෙරට දේශපාලනික කෘතින් ගණනාවකම කතු වරයා වූ අතර දේශකයෙකු ලෙස ද සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක මත ඉදිරිපත් කිරීමෙන් අප සමාජයේ ගතානුගතික මතවාදයන් හි ප්‍රබල වෙනසක් ඇති කිරීමට සමත් වූවෙකි..

කාලීන පුවත්