ඉදිරි දින කිහිපය තුළ කප්පාදුවකින් තොරව විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගැනීම පිණිස ඉන්ධන සපයා ගැනීම සඳහා ලංකා IOC සමාගම සමග සාකච්ඡා කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.
නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් ලබන 22 වැනිදා දක්වා අවශ්‍ය ඉන්ධන ලබාගැනීම මේ වන විට ගැටළුවක් ව පවතින බව ද ඇමති වරයා කීය.
විදුලි බල මණ්ඩලය මඟින් ලබා ගන්නා ඉන්ධන වෙනුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නිසි පරිදි මුදල් පියවා නොතිබීම දැනට පවතින ඩොලර් හිඟය මත ඉන්ධන ආයනනය සම්බන්ධයෙන් ගැටළු පැන නැඟීම ආදී හේතූන් මත ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයුම මේ වන විට සීමා කොට තිබේ.