විදුලි කප්පාදුව අදත්

අද (08) දිනයේත් විදුලි කප්පාදුවකට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. E සහ F ප්‍රදේශ සඳහා උදෑසන 8.00 සිට සවස 6 .00 අතර, පැය 5 ක් සහ සවස 6.00 සිට රාත්‍රී 11.00 තෙක් පැය දෙක හමාරක විදුලිය කප්පාදුවක් සිදු කෙරෙන බව එම කොමිසම නිවේදනය කරයි.P ,Q R,ර්‍ ,S T, U, V, W ප්‍රදේශ සඳහා උදෑසන 9.00 සිට සවස 5.00 අතර පැය 2 ක් සහ සවස 5.00 සිට රාත්‍රී 9.00 තෙක් පැයක විදුලි කප්පාදුවකට අවසර ලබා දී තිබේ.විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කරනුයේ, කැලණිතිස්ස, කෙරවලපිටිය, සපුගස්කන්ද බලාගාරවල විදුලි ජනනය මේ වන විට සිදුවන බවයි.මේ දිනවල ජලවිදුලි බලාගාරවලින් 15% ක ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කරන බව ද ඒ මහතා කියයි.

කාලීන පුවත්