විදුලි කප්පාදුව තීරණය වන්නේ පුහු දේශපාලන අඬහැර අනුව නොවේ;අදත් පැය හත හමාරක කප්පාදුවක්

දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව තීරණය වනුයේ බලාගාර වෙත ඩීසල් සහ නැප්තා ලැබෙන ප්‍රමාණය සහ වේලාවන් අනුව බවත්,අද වන තුරුම බලාගාර වෙත ඩීසල් සහ නැප්තා තොග සැපයීමට වගකිව යුත්තන් අසමත් වී ඇති බවත් පවසන ලංකා විදුලිබල මණ්ඩල ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ විදුලි කප්පාදුව තීරණය වනුයේ ඉහත සඳහන් සාධක පදනම් කර ගනිමින් මිස දේශපාලනඥයන්ගේ පුහු අඬහැර මත පදනම් ව නොවන බවකි.ඉකුත් 5 වනදා සිට විදුලි කප්පාදුවක් සිදුනොකරන බවට මීට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,මුදල් ඇමති බැසිල් රාජපක්ෂ බලශක්ති ඇමති ගාමිණී ලොකුගේ සහ මහා මාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් ප්‍රකාශ කළ ද ඊයේ මෙන්ම ව අද(07) දිනයේ ද පැය හත හමාරක උපරිම කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබේ.

කාලීන පුවත්