විදුලිය කප්පාදු කිරීිම පිළිබද තීරණය අද දිනයේ ගැනීිමට නියමිතය.
විදුලිබල මණ්ඩලය සතුව ඇති දැවි තෙල් ප්‍රමාණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කියයි. එම සාකච්ජාවෙන් අනතුරුව විදුලිය කප්පාදුව පිළිබඳ තීරණය කෙරේ.
දැවි තෙල් නොමැතිකමින් සපුගස්කන්ද බලාගාරය සම්පුර්ණයෙන් අක්‍රිය විය.
එමගින් සමස්ත විදුලිබල ධාරිතාවට අහිමි වු විදුලිබල ප්‍රමාණය මෙගා වොට් 108 කි.
යුගදනවි බලාගාරය සතු දැවි තෙල් ද ප්‍රමාණවත් වන්නේ තව දින 10 ක් සඳහා පමණි. මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 183 ක ධාරිතාවක් අහිමිවි තිබේ.
විදුලි අර්බුදය සම්බන්ධයෙන් අද රැස්වන අමාත්‍ය මණ්ඩලයේදි ද සාකච්ඡා කෙරෙනු ඇතැයි අමාත්‍ය ලොකුගේ මහතා සඳහන් කරයි.