විදුලි ගාස්තු ඉහළ දැම්මොත් ජල ගාස්තුත් ඉහළ යනවාමයි

අද(02) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වන යෝජනාවට අනුව ඉදිරියේදී විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුවුවහොත් ඊට සාපේක්‍ෂව ජල ගාස්තු ද ඉහළ නැවීමට සිදුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.පානීය ජලය බෙදාහැරීමේදී පොම්ප කිරීමේ ක්‍රියාවලියට විදුලිය ඒකක විශාල ප්‍රමාණයක් වැය වීම මත වර්තමාන මිලටම ජල සැපයුම ලබා දීමෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට දරා ගත නොහැකි අලාභයක් සිදු විය හැකි බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්