විදුලි ගාස්තු වල අඩු වීමක්

විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් වන යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් දෙසැම්බර් 06 වනදා වන විට මහජන උපයෝගිතා කොමිෂමට ලබා දෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.ඒ අනුව ඉදිරියේ දී විදුලි ගාස්තු යම් අඩු කිරීමක් සිදුකළ හැකි බවද පැවසූ අමාත්‍යවරයා මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට එම යෝජනා ලබාදීමට නියමිත බවත් ඔහු පවසයි. ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීම හේතුවෙන් විදුලි ගාස්තු සඳහා ජනතාවට ලබාදෙන සහනය කිසිසේත්ම අඩපණ නොවන බව පවසන අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විදුලි බල මණ්ඩල වෘත්තිය සමිති හා එහි පාලනාධිකාරිය අතර කිසිදු සබඳතාවයක් නොමැති බව ද පවසයි.

කාලීන පුවත්