මෙරට විදුලි ඒකක පරිභෝජනය සියයට විස්සකින් පහළ ගොස් ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේය.
මීට මාස හයකට පමණ පෙර දිනකට විදුලි ඒකක මිලියන 48 ක් විදුලි පාරිභෝගිකයන් භාවිතා කලද මේ වන විට එම ඒකක ගණන මිලියන 38ක් ලෙස පහළ ගොස් ඇති බව මෙම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක කියා සිටියේය.
මාස කිහිපයක් තිස්සේ සිදුකළ විදුලි කප්පාදුවද එමෙන්ම විදුලි උපකරණ අවම වශයෙන් භාවිතා කිරීමට පරිභෝහිකයන් යොමුවීමද මීට හේතු ලෙස හෙතම පෙන්වා දෙයි.