විදුලි බල මණ්ඩලයේ රතු බිල් වැහි වහී

ලංකා විදුලි බල මණ්ඩලය විසින් මින් පෙර කිසි දිනෙක නිකුත් නොකළ අන්දමේ රතු බිල් ප්‍රමාණයක් මේ වන විට නිකුත් කොට ඇතැයි වාර්තා වෙයි.පසුගිය වසරේ ජනවාරි මාසයේදී විදුලි බිල් නොගෙවූ විදුලි පාරිභෝගිකයින් 253,465ක් සඳහා රතු නිවේදන නිකුත් කර ඇති අතර, රතු නිවේදන නිකුත් කිරීම 60% කින් වැඩි වී තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීම ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ද පෙන්වා දෙයි.නිවසක මාසික විදුලි බිල ගෙවීම සදහා දැනට ලබා දී ඇති දින 40 ක කාලය දීර්ඝ කරන ලෙසත් විදුලි බිල කොටස් වශයෙන් ගෙවීම සඳහා ක්‍රමවේදයක් සකසන ලෙසත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි.

කාලීන පුවත්