විදුලි බිල වැඩි කළොත් උසාවි යනවා

මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශය නොමැතිව විදුලි බිල ඉහළ දැමීම සපුරාම නීති විරෝධී වන අතර ලංකා විදුලිබල මණ්ඩලය එවැන්නක් ක්‍රියාත්මක කරන්නේ නම් එම තීරණයට එරෙහිව මහජන උපයෝගීතා කොමිසම අධිකරණය හමුවට යන බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.ඒ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට නම් ලබන වසරේ මුල සිට විදුලි බිල 70%කින් පමණ ඉහළ දැමිය යුතුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා දැඩිව අවධාරණය කරන පසුබිමක් තුළ ය.අවසන් වරට මහජන උපයෝගීතා කොමිසම විදුලිබිල ඉහළ දැමීමට අවසර ලබා දීමෙන් පසුව ලංකා විදුලි බල මණ්ඩලය ලාභ උපයා ඇති බව පවසන මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා, විදුලිබිල ඉහළ දැමීම සඳහා එම අවස්ථාවේ දී කොමිසම ලබා දුන් නිර්දේශය නිවැරදි වුව ද යළි විදුලි බිල ඉහළ නැංවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ලංකා විදුලිබල මණ්ඩලය විදුලි බිල ඉහළ දැමීමට තීරණය කර තිබෙන්නේ විදුලි බිල ඉහළ දැමීම සදහා අත්‍යවශ්‍ය සාධක කිසිවක් වෙනස් වී නැති පසුබිමක බවද ජනක රත්නායක මහතා පවසයි.ඔහු පවසනුයේ එසේ නම් තම තීරණයේ නිවැරදි බව ඉදිරියේ දී අධිකරණය හමුවේ කියා පෑ හැකි බවකි.

කාලීන පුවත්