විදුලි බිල වැඩි කිරීමට ජනපති ගත් තීන්දුවෙන් පසු මහජන උපයෝගීතා කොමිසමේ සභාපති අධිකරණය හමුවවට

ජනාධිපති වරයා තමන් නොකැඳවා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් හා එක්ව විදුලි බිල යළි ඉහළ නැංවිමට ගත් පක්ෂපාත තීන්දුවෙන් පසු මහජන උපයෝගීතා කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන් නීතියේ සහාය පතන බව එහි සභාපති ජනක රත්නායක මහතා ඊයේ (20) මාධ්‍ය හමුවකදී කියා සිටියේය.පෙරේදා (19) පෙරවරුවේ ජනාධිපතිවරයා කොමිසමේ සාමාජිකයින්ට කැඳවීමක් කර විශේෂ හමුවක් සිදු කර තිබූ නමුත් එම රැස්වීමට සභාපතිවරයාට ආරාධනා කර නොතිබීම බොහෝ දෙනකුගේ අවධානයට ලක් ව තිබේ. එමෙන්ම සභාපති වරයා නොමැති රැස්වීමේදී විදුලි බිල වැඩිකිරීමේ තීන්දුවක් ද කොමිසමේ සාමාජිකයින් සමග එක්ව ජනපති ලබාගෙන තිබුණි.කැබිනට් ඇමති හා ජනපති එක් පසෙක සිටිමින් කෙසේ හෝ විදුලි බිල දෙතුන් ගුණයකින් වැඩි කර ජනතාවට දැඩි පීඩනයක් එල්ල කරන්නට උත්සාහයක නිරතවන අතර තමන් ඊට එරෙහිව තව දුරටත් විරුද්ධ වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති වරයා කීය.

කාලීන පුවත්