පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කීය.ඒ අද (21) පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශයක් කරමිනි.එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ, හෙට දිනයේ අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිත බවයි.ඒ අනුව ගෘහස්ථ සහ ආගමික ස්ථාන කාණ්ඩයේ ඔක්තෝබර් මාසයේ වැඩි කළ 18%ක බිල සහ එසේම ඔක්තෝබර් මාසයේ සංචාරක කර්මාන්ත ක්ෂේත්රයේ විදුලි බිල 12%කින් මිල වැඩි කිරීමට ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය වී තිබේ.එසේම ඔක්තෝබර් මාසයේ රජයේ ආයතනවල විදුලි බිල 24%කින් වැඩිකළ අතර එම ප්‍රමාණයද නව සංශෝධනය අනුව අඩු කිරීමට නියමිත ය.
.