විදුලි වාහන ආනයනය කෙරෙහි රජයේ විශේෂ අවධානය

විදුලි වාහන ආනයනය කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වාහන මෙරටට ආනයනය කිරිමේ මාර්ග සැලැස්ම එළිදැක්විය.

මාර්ග සිතියමට අනුව පොදු ප්‍රවාහන සේවා සඳහා යොදාගන්නා වාහන වල සිට නිශ්චිත ක්‍රමවේදයක් යටතේ අනුපිලිවෙලකට ආනයන සීමා ලිහිල් කිරීම සිදු කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා එහිදී පවසා සිටියේය.

එම නිශ්චිත වැඩපිලිවෙල සැකසීම සඳහා මුදල් අමාත්‍යාංශයේ වෙළඳ හා ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව , මහ බැංකුව , වාහන ආනයන කිරීමේදී නව හා පාවිච්චි කරන ලද මෝටර් රථ ගෙන්වන කණ්ඩායමේ දෙකේ නියෝජිතයින් , වාහන එකලස් කරන්නන්ගේ සංගමයේ නියෝජිතයින් , කර්මාන්ත අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය ආදී වාහන ආනයනය කිරීමේදී බලපෑම් ඇති වන සියළු කණ්ඩායම් ඇතුළත් වන පරිදි එම කමිටුවක් පත් කළ බවද අමාත්‍යාවරයා එහිදී සඳහන් කළේය.

එසේම මෙම වාහන ආනයන සීමා ලිහිල් කිරීමේදී පොදු මහජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතායන් සඳහා යොදාගන්නා වාහන , භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගන්නා වාහන , මහජනතාව විකල්ප ලෙස යොදාගන්නා යතුරු පැදි හා මෝටර් රථ හා එයිනුත් පසුව සුඛෝපභෝගී රථ වාහන සීමා ලිහිල් කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටි අතර , විද්‍යුත් වාහන ආනයනය කෙරෙහි එහිදී විශේෂ අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් වැඩිදුරටත් පැවසීය.

කාලීන පුවත්