විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට එවැනි අගමැති ධුරයක් නිර්මාණය කළ යුතුයි

දැනට පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට එවැනි අගමැති ධුරයක් නිර්මාණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.ඒ අද(05)පාර්ලිමේන්තු විවාදයකට එක් වෙමිනි.ඒ සමඟම ඔහු කියා සිටියේ පවතින වාතාවරණය යටතේ ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනා ඉල්ලා අස්විය යුතු බවයි.දැනටත් ප්‍රශස්ත හා ප්‍රබුද්ධ කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටින බවත් එම පිරිස පාලනයට හවුල් කර ගැනීම අත්‍යවශ්‍ය බවත් විපක්ෂ නායක වරයා කියයි . ප්‍රතිපත්තිමය හා නිශ්චිත වැඩපිළිවෙලක් මත රටේ පවතින ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරනු විනා තාවකාලිකව හෝ අවස්ථාවාදිී අමාත්‍ය ධුර භාර ගැනීමට තම පක්ෂය කිසිසේත් සුදානම් නොමැති බවත් නිවැරදි දැක්මක් තුළ නිවැරදි ගමනක් යන්නේ නම් පමණක් ඊට සහාය ලබා දීමට සිය පක්ෂය සුදානම් බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.

කාලීන පුවත්