විමල් අත් අඩංගුවට ගන්න වරෙන්තු

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු 2016 වසරේ සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික ශ්‍රී ලංකා සංචාරයකදී මාර්ගය හරස් කිරීමට එරෙහි නඩුවට පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද (19) වරෙන්තු නිකුත් කළේය.ඒ එම අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකරන ලදැයි යන චෝදනාව මුල් කර ගනිමිනි.මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වන වීරකුමාර දිසානායක මහතා ද අධිකරණයේ පෙනී නොසිටි මුත් ඔහු වෙනුවෙන් නීතිඥවරයා විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණ.

කාලීන පුවත්