“වියතුන්ගෙන් යුතු සර්ව පාක්ෂික පොදු අන්තර් කාලීන පාලනයක් ඇති කරන්න” මහ නාහිමි වරු යළි ඉල්ලති

රට තුළ දේශපාලන සමාජීය හා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කොට ජන ජීවිත සුරක්ෂිත කිරීමට පාලකයන් වහා ක්‍රියා කළ යුතු බව පෙන්වා දෙමින් ත්‍රෛයි නිකායික මහා නා හිමිවරු නැවතත් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ 2022 අප්‍රේල් මස 04 වනදා සහ අප්‍රේල් මස 20 වනදා ත්‍රෛයි නිකායික මහා නා හිමිවරුන් රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරන ලෙස යැවූ යෝජනා මාලාවට සාධනීය මැදිහත්වීමක් සිදු කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයෙකු කටයුතු නොකිරීමේ පසුබිමක් තුළය ඒ පිළිබඳව තමන් වහන්සේ අප්‍රසාදය සහ කනගාටුව පළ කරන බව ත්‍රෛ නිකායික මහානා හිමිවරු පෙන්වා දෙති.
ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්‍රීවරුන් වෙත යැවූ ලිපියෙන් මහ නාහිමිවරුන් යළි සිඅවධාරණය කරන්නේ සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධව වියතුන්ගෙන් සමන්විත සර්ව පාක්ෂීක පොදු අන්තර් කාලීන පාලන ක්‍රමයක් ගොඩනැගීමට උත්සුක වන ලෙසයි.

කාලීන පුවත්