බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතුව නම් කණ්ඩායම් කිහිපයක සහභාගීත්වයෙන් හෙට (09) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත විරෝධතාවක් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. ඕනෑම ස්ථානයක මැර හෝ ප්‍රචණ්ඩකාරී පුද්ගලයන් හෝ කණ්ඩායම් විසින් සිදු කරන නීතිය හා සාමය කඩවීම් එනම් ගෙවල් ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පහරදීම් සහ රාජ්‍ය හෝ පෞද්ගලික දේපළවලට හානි කිරීම වැනි සිද්ධීන්ට එරෙහිව නීතිය ක්‍රියාවට නැංවීමට පොලීසිය සතු බලතල සලකා අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.