විවාහ මංගල උත්සව සඳහා පනවා තිබූ සීමා ලිහිල් වෙයි

කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා පනවා තිබූ සීමා ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව විවාහ මංගල උත්සව ශාලාවන්හි අමුත්තන් 100 දෙනෙකුට සහභාගිවීමට අවසර හිමි වනු ඇත. එළිමහන් මංගල උත්සව අමුත්තන් 150ක උපරිමයකට යටත්ව පැවැත්වීමට අවසර හිමි වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසයි.

විවාහ මංගල උත්සවවලදී මත්පැන් භාවිතා කිරිමට තවදුරටත් අවසර හිමි නොවනු ඇත.

කාලීන පුවත්